Thursday, July 6, 2023

හදවතක් ඉකි ගසයි 😔😢😢

 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗


    කලාතුරකින් වැටෙන කදුළු 

    කොපුලට ආගන්තුකයෙක් වුනා 

             කලින් කොපුල අකමැතිම 

             කදුළු වල රස බලන්න

     නමුදු කදුළු වලට හැමදාමත් 

     කොපුල් වල තැවරෙන්න ආස හිතුනා

               කොපුලත් කදුළු ඉක්මනට 

               ඇවිල්ලා එයාව සිප ගන්නකම් බලාගෙන උන්නා

      දැන් දෙන්නට දෙන්නා නැතුවම බැරි වෙලා 

       කොපුලට ඕනී නැති වුනත් කදුළු හැමදාම 

       කොපුල බලන්න යන්න පුරුදු වෙලා

                මේ දෙන්නාගේ හමුවීම ට 

                හදවත යි , ඇස් දෙක යි විරුද්ධ වුනා

         ඇයි කියලා ඇහුවාම හදවත කිව්වේ

         කදුළු ගලන්නේ ඇස් දෙකෙන් වුනාට උපදින්නේ  හදවතින් කියලා

                 හැමදාම කොපුල බලන්න ගියොත් 

                 දැනෙන ගින්දරට පිච්චිලා

                 මමත් නැති වෙයි 

                 හිනා වෙන ඇස් දෙකත් නැති වෙයි

                              හදවත කොපුලට දුකින් කිව්වා….😢


                                               🖊️ Yash...💕   
 
        

                        








තවත් එක් සිතක් 😊❤️

 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ලස්සනට පෙනුමට සිත බැද ගත් කාලයක් තිබුනා කාලයත් සමග බොහෝ ලස්සන දේ තුළ හිස් බවක්...